හිනහියන් හැමදාම රන්කඳ - By G.A.Poorni Maheshika
Written By: G.A.Poorni Maheshika
Category: Poetry
Competition: Global Poetry and Creative Writing Competition 2026
In a captivating entry for the Global Poetry and Creative Writing Competition 2026, G.A.Poorni Maheshika shares her poetic creation, "හිනහියන් හැමදාම රන්කඳ." This submission, categorized under Poetry, is a poignant exploration of familial bonds and emotional depth. With a keen eye for detail and an emotive narrative, Maheshika's work invites readers into a world of introspection and heartfelt connections.
About the Work
G.A.Poorni Maheshika's "හිනහියන් හැමදාම රන්කඳ" is an evocative poetic journey that delves into themes of familial love and the passage of time. The poem weaves vivid imagery with a touching narrative, reflecting the tender emotions of a parent witnessing their child's growth and accomplishments. The literary style is marked by its rich emotional tapestry and cultural resonance, offering readers a glimpse into the profound moments captured in verse.
හිනහියන් හැමදාම රන්කඳ
Original Submission by G.A.Poorni Maheshika
නිමිත්ත: නගරයේ ඉහළ පැලැන්තියේ නාට්‍යාගාරයක තම දුවගේ පළමු නර්තනයට ආරාධනා ලද පියෙක්
රිවිර අහසට එන්න ඉස්සර ඉදන් මල්වර අළුත් දවසක
නින්ද නෑ රෑ මතක් කර කර උන්නෙ කඩිසර භාවනාවක
දෝණි ලස්සන වෙලා ඇති අද වෙනදටත් වැඩියෙන්ම නුවරක
ඉදින් අපි නෑවිදින් ඉන්නද නුඹ බලන්නට මෙහෙම හවසක
ළමැද අප්පච්චිගේ උණුහුම් නුඹට අමතක වෙලා නැතුවා
දුටු ගමන් මා වෙලා ගත් හැටි ඇත්තමයි සෙනෙහසේ බැරුවා
කවමදාවත් තෙමුණෙ නැති ඇස් පිහද්දිත් ආයෙමත් තෙමුවා
කෙල්ල මගෙ දැන් ලොකු වෙලා හුරතලේ තාමත් ඇගේ ඇතුවා
මලේ දල ඇහැරෙන්න කලියෙන් ඉදන් මන්මද සුරඟනාවේ
ගමේ උන්දැල අපිට මොකටද කෙල්ල පොඩ්ඩක් හැඩ උනාවේ
උදේ හවහට අම්ම නිතරම මිමිණුවත් කඩිසර හිනාවේ
අනේ සමහර එවුන් බැලුවෙම අමුතුවෙන්මයි උඹ දිහාවේ
අහස තරුපති වගේලූ ඈ නැතිව අඳුරම ඇත ගසා
කෙනෙක් තවකෙක් කියනවා මම හොරෙන් හිටියා අස අසා
තාල කඩිසර කරන්නට උන් මිමිණුවොත් සරතැස වසා
අඩිය තියපන් පරිස්සමටම දෝණි නුඹ අපෙ පන නිසා
විදන් සියපත් සියක් දල සිය කොනක අසිරිය නුඹෙන් දැනුණා
ඉතින් නුපුරුදු කමට වෙන්නැති මගේ ඇස් මට බරයි හිතුණා
නැතත් චන්දන බොරලු කටු නැති නිසා ඩිංගක් කඳුළු මැකුණා
හිතින් හිරකර රිදුම මම අපෙ දූගෙ ලස්සන බලන් නිවුණා
ඇවිත් දවසක් පුංචි කාලේ පපු තෙතට කඳුළක් තියා
රිඳුණු දෑඟිලි පෙන්නුවා මට ආදරේ ඕනෑ කියා
නතර කෙරුණෙම හාදුවෙන් මගෙ වළ ගැහෙන කම්මුල් පියා
අදත් මේ උරහිසට බර නෑ රත්තරන් නුඹ මගෙ නියා
රතුම පාටට සේල දස දෙස හමාගෙන මේඝය දඟේ
නීල වරලස තාම එහෙමයි නැතත් මල් ලස්සන අගේ
බලන උන් වට කරන් නුඹ දෙස කිසිම අඩුවක් නැති රඟේ
එහෙම ඔක්කොම බලන්නෙම නෑ මැණික මන් බලනව වගේ
දෙඅත් දසැඟිලි මවන සුරඟන රටා කඩිනම් සරක යොදවා
දෑස් ඒ යන යනෙන මඟ දිග හුරතලෙන් එහෙ මෙහා කරවා
නළල් පට හරි දඟයි නුඹ වගෙ තමයි දිලිහී වැරෙන් දුවවා
අපූරුයි මගෙ පුංචි දෙවඟන රඟන සුබ සබයක්ම පිනවා
සවන් යුග අග නේක ලාසන පබළු මිණි මුතු භරණ රොත්තේ
සඳවතට තව කෝල කරමින් රෝස රත්සුණු කොපුල් මත්තේ
එදා පළදපු මාල පොට නෑ ඒත් අඩුවක් වෙලා නැත්තේ
ඒ නිසාමයි හිත හදාගෙන අම්ම දැන් හිනහිලා ඇත්තේ
සුදුම පාටට ඉන වටේ එති එතී දඟලන පළදනාවට
තාල අල්ලන්නටත් බැරි වුණ තරම් නෙත්කළු වේදිකාවට
වටේ උන් මත් බැල්ම දැම්මම රකින්නට බැරි වේදනාවට
අහක බැලුවට දුකක් නොහිතන් අගෙයි උඹ මණි මේඛලාවට
කනක අබරණ පාද සලඹක රනින් සැරසුණු විජුලතා
වුනත් සීගිරි ගලේ හිරකර හිනහුණා රද කුල සතා
තියන තාලම දිලෙන වීදුරු බලාගෙන රන්කඳ ඉතා
වැරදුනොත් පද බොහොම නපුරුයි වුනත් ඒ හැංගුණ කතා
මුදු කොමළ මුව වත විදා හරි අපූරුව දැක තාල ගයනා
සිහි වුණේ කුළුදුල්ම හස රළ ගොස නඟා පපු පතුල සිඹිනා
වටේ වුන් ඇත් පන්ති මත් වුණ වැනුම් දෙන සඳ රුවට අඟනා
ටිකක් හිත ගැස්සිලා යනවා දෝණි ගැන මට බයක් ගෙනෙනා
නුඹට අපි මදි වෙයිද හිත හිත ඇදපු බැනියම් කමිස උරයෙන්
තියපු ඔය හිස ඉතින් හැමදම අයිති නැතුවට සෙනෙහෙ සරියෙන්
පිපුණු මල නුඹ රිවිර රැස ළඟ ඉවසුවත් උහුලාන හයියෙන්
මතක නැති නොකරගෙන හිටපන් මන් උඹේ ළඟ හෙටත් දිරියෙන්
ඉර ඇරෙන තැන සඳට නුඹ දෙන හවස් යාමෙට ඇඳිරියේ
හිතක ඉඩ නැති අත අරින්නට සෙයිලමක් පොඩි සන්දියේ
බිම දිගේ ඇඳි ඇඳී යනෙනා මල් පිපුණු සුදු සාරියේ
මඩ කැඩිති ළඟ අම්ම බැන්නෙම ආදරේටයි පැංචියේ
වහන් වෙනකොට දොරක පඳුරක හොර හොරෙන් ඇස් හංගලා
පපුව ඩිංගක් නෙවෙයි හොඳටම ගැහෙනවාමයි රිද්දලා
එදත් සුවඳක පාර බල බල හොයපු දෝණිව හිනහෙලා
මැණික නුඹ යන්නම ගියා ලස්සනම අඳුරක බැබළිලා
විදින කොට රන් තෝඩු කන්පෙති මතක් වෙනවා අඬපු කඳුළු
මෙහෙම මුතු මිණි දරා ඉන්නට ලොකු වෙලා නොවැ රෝස කැකුළු
බය නොවීයන් පාර කොහොමත් පැහැදිලියි මන් ළඟදි වදුළු
හිනහියන් හැමදාම රන්කඳ සුවඳ මැද තල තෙරක සඳළු
පූර්ණි මහේෂිකා
About the Competition
The Global Poetry and Creative Writing Competition 2026, hosted by Hashtag Kalakar, celebrates the art of storytelling and poetic expression. This prestigious event provides a platform for writers and poets worldwide to showcase their creativity and engage with a global audience. Participants contribute diverse voices and perspectives, enriching the literary landscape with their unique narratives and poetic artistry.
We extend our heartfelt gratitude to G.A.Poorni Maheshika for participating in the Global Poetry and Creative Writing Competition 2026 with her evocative poem, "හිනහියන් හැමදාම රන්කඳ." Her contribution adds a significant voice to the world of poetry, capturing the essence of familial bonds and emotional depth. We look forward to seeing more of her inspiring work in the future.
About Hashtag Kalakar
Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

Comments