රාජවාසල සිත්තරා - By G.A.Poorni Maheshika
Written By: G.A.Poorni Maheshika
Category: Poetry
Competition: Global Poetry and Creative Writing Competition 2026
G.A.Poorni Maheshika, writing under the name රාජවාසල සිත්තරා, presents a captivating piece of poetry titled "Rajawasala Siththara" in the Global Poetry and Creative Writing Competition 2026. Known for its creative depth, this competition celebrates global voices that delve into the realms of human experience and emotion. Maheshika's contribution embodies the elegance and cultural richness of her poetic voice, inviting readers into a world of intricate imagery and profound reflection.
About the Work
"Rajawasala Siththara" by G.A.Poorni Maheshika is a tapestry of vivid imagery and emotional depth. The poem weaves together themes of beauty, tradition, and introspection, capturing the essence of cultural heritage through meticulously crafted verses. With a lyrical quality, the work explores the interplay of sensory experiences and the inner world, offering a reflective journey that resonates with readers.
රාජවාසල සිත්තරා
Original Submission by G.A.Poorni Maheshika
රාජවාසල සිත්තරා
කනක නූපුර ශ්වේත මේඛල රත්න පාවඩ මිණි මෙවුල් දම
නීල පිල් සොඳ ළමැද සඟවන මාර සෙන් කරවනා රුදුතම
කාල අංජන බැමට තුරුලුව නෙතඟ රස සුව විඳින අන්දම
දිටිමි හදුනමි මවමි ඒ රූ රාජවාසල සිත්තරා මම
හඬන කෝමල දෙතොල් රතමය සීත කොඳ වත කරන පබ නෙක
දෙඔර සිප යන සේල නදි දිය සිදී මැකිලයි නියම අභිමුඛ
පාට රැදවුණු සිලා දෙස විල හොරෙන් බැලුවෙන් බියෙන් විලසක
ඉතින් එහෙනම් නොඇඳ ඉන්නම් කරමි නෙතු රුව සිලෙහි අමවක
ඉන්ද්‍රිපර හැඩ කෝල සුකොමළ නෙළුම නුඹ දෙස හිනහෙනා
අත්ල අඟ ඇත පංච විධ සුබ තැළුණු දල මන්මද වෙනා
වින්ද බිසොවුන් වහන් කර වුන් පිනි පබළු වැටි පතුරනා
ගන්ධ දැනුණා දිගැසියේ මට සත්තමයි ගිර වැළපුණා
ළපටි රත පිරි කොපුල් මිණි සරි නුරා වඩවන සීරුවේ
විඳින ආගිය දෙනෙත් පෙර හිඳ අගලෙ අසමින් සර සුවේ
නොදත් මුත් නුඹ දනිමි මම උන් නෑ තියා එය පාළුවේ
ඇතේ හැම දිය බිඳක් පාසම නමක් හංඟන වාරුවේ
පූර්ණි මහේෂිකා
About the Competition
The Global Poetry and Creative Writing Competition 2026, hosted by Hashtag Kalakar, is a celebration of literary excellence. This prestigious event gathers talented writers and poets from across the world, showcasing diverse narratives and innovative storytelling. It provides a platform for creative expression, fostering a global community of literary enthusiasts who share a passion for the written word.
We extend our heartfelt gratitude to G.A.Poorni Maheshika for her poetic contribution, "Rajawasala Siththara," in the Global Poetry and Creative Writing Competition 2026. Her work enriches the tapestry of voices that this competition seeks to highlight, and we are honored to feature her artistry. Thank you for sharing your unique vision and creativity with us.
About Hashtag Kalakar
Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

Comments