දවස් හා හවස් - By G.A.Poorni Maheshika
Written By: G.A.Poorni Maheshika
Category: Poetry
Competition: Global Poetry and Creative Writing Competition 2026
In the Global Poetry and Creative Writing Competition 2026, G.A.Poorni Maheshika presents "දවස් හා හවස්," a poignant piece in the Poetry category. This evocative poem, written in Sinhala, resonates with the daily nuances and emotional subtleties of life. The work reflects the delicate interplay of everyday moments and introspective reflections, capturing both the familiarity and the depth of human experience.
About the Work
"දවස් හා හවස්" intricately weaves themes of time and emotion, capturing the essence of daily life through rich imagery and evocative language. The poem paints a vivid picture of serene routines and quiet introspections, inviting the reader to pause and ponder. Its lyrical quality and cultural references create a tapestry of feelings, blending nostalgia with a sense of tranquility.
දවස් හා හවස්
Original Submission by G.A.Poorni Maheshika
දවස් හා හවස්
හැමදාම හවස ඉර බහින බැල්කනිය
රටාවට සුවඳ දෙන උණු කෝපි කෝප්පය
ලී මේස රාමුවේ කැඩුණු වීදුරු බෝතලය
කැඩුණු බව හංඟන ලිලී මල් තුන හතර
දිය කරන තීන්තෙන් ඉස්තරම් පෑන් තුඩ
නුඹ නමට වෙන් වුණු මගේ දිනපොතේ
මං ආස කරන ලස්සනම පිටුව
හීනියට හුළං පහරක් විත් ගිහින්
අවුස්සන කෙහෙ රැල්ල කම්මුලට හාදු දෙන
නුඹ ඇවිත් සීරුවෙන් ඉවත් කර
හිස සිඹින ස්වර්ගයක සිතුවිල්ල
ගෑවෙන නොගෑවෙන ඒ පිරුණු උරහිස
සරාගී දැස් ඈතට විඳා තොල ගාන
සීනි අඩු තිත්ත වැඩි කළු කෝපි කෝප්පය
සඳ ඇවිත් ඇති කියන තුරුම පිළිසඳරවල
ඔහේ ඈතට දුවන දීර්ඝ නිහැඬියාව
අපරාදේ ගෙවෙන්නට නොතිබුණා නොවෙද
කතාවක් නැතිව කතා කළ ඒ දවස් හා හවස්
පූර්ණි මහේෂිකා
About the Competition
The Global Poetry and Creative Writing Competition 2026, hosted by Hashtag Kalakar, celebrates the rich diversity of literary expression from around the world. This prestigious event provides a platform for writers to showcase their creativity and engage with a global audience. Participants contribute works that span various genres, enriching the literary landscape with their unique voices and perspectives.
We extend our heartfelt thanks to G.A.Poorni Maheshika for sharing "දවස් හා හවස්" with us. Your contribution to the Global Poetry and Creative Writing Competition 2026 highlights the beauty of poetic expression and cultural depth. Thank you for enriching our platform with your evocative work.
About Hashtag Kalakar
Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

Comments