top of page

කෝපි පාට ඇස් - By R.M.W.Devindi Rathnayake

3 days ago
4 min read

Written By: R.M.W.Devindi Rathnayake

Category: Short story

Competition: Global Poetry and Creative Writing Competition 2026

R.M.W.Devindi Rathnayake presents a touching short story titled "කෝපි පාට ඇස්" as part of the Global Poetry and Creative Writing Competition 2026. This poignant narrative explores the profound connections between humans and their beloved pets, highlighting themes of love, companionship, and loss. Rathnayake's storytelling captures the essence of family and the irreplaceable bond shared with a cherished pet.

About the Work

The short story "කෝපි පාට ඇස්" evokes a deep emotional resonance as it weaves a tale of a family's relationship with their beloved pet. Rathnayake expertly crafts a narrative that combines warmth and humor with the inevitable heartache of loss. The vivid imagery and genuine emotion in the story not only highlight the pet's unique personality but also reflect on the enduring love and memories that linger after their departure.

කෝපි පාට ඇස්.

Original Submission by R.M.W.Devindi Rathnayake

කෝපි පාට ඇස්

දිනක් රාත්‍රියේ මට ඇසුනේ මගේ තාත්තා කතා කරන හඬයි. මා ඔහුට තාත්තා යැයි පවසන්නේ කලාතුරකිනි. මා කුඩා කල සිටම පැවසුවේ අප්පච්චි යනුවෙනි. එදා රාත්‍රියේ මා හට අප්පච්චි ගෙ කටහඩ ඇසුනු විට මම ඉක්මණින්ම ඉදිරි දොර හැරියෙමි.

ඔහු මා අත තැබු කුඩා කාඩ්බෝඩ් පෙට්ටියකි. මම එය රැගෙන යන්නට සැරසෙන විට අප්පච්චි මා අමතා එම පෙට්ටිය විවෘත කර කුඩු පුළුන් බෝලයක් අතට ගත්තේය. මා හට තනි සුදු පාටෙන්ද රත්රන් පැහැයට හුරු දුඹුරු පැහැයෙන්ද ඔහුගේ බූල් රාශිය දක්නට ලැබුණේය. නමුත් ඒ කලු කෝපි බිංදු වැනි ඇස් ඉතාමත් ආදරණීය ය. .මම අම්මාගේ මූණ දෙස එකෙනෙහිම බැලුවෙමි. අපි පුදුමයෙන් පුදුමයට පත් වීමු. දැනටමත් අපගේ නිවසේ ටිමී ලෙස මා හා මල්ලි විසින් නමක් තැබූ අවුරුදු හතක් පමණ වන බල්ලෙකු සිටියේ ය. දැන් තවත් පුංචි පුළුන් බෝලයක්. ඔහු කුඩා හඩක්වත් නැගුවේ නැත. අපි ගබඩා කාමරය මදක් අස්පස් කොට උණුසුම් ස්ථානයක් සකසා දුනි.

පසුදින උදෑසන දොර විවර කල විට කළවිට පුංචි පුළුන් බෝලය හෙමින් හෙමින් එළියට පැමිණියේ මම නම් හොඳය නිදාගත්තා කියා අප සියළුදෙනාටම පෙන්වමිනි.

ඌ කෑවේ බීවේ තමා ජීවත් වන්නෙ තරු පහේ හෝටලයක යැයි සිතාගෙනය. බත් ඌට ඇලජික්ය. කොතරම් බත් දුන්නද කෑවේ නැත. අවසානයේ ඌගේ මේ සත්‍යග්‍රහයේ ප්‍රථිපල ලෙස ඌ කැමතිම කෑම වෙන අග්ගලා , සව් , කඩල , කව්පි වැනි ධාන්‍ය වර්ග ද ලැබුණි. මාස තුනක් වන තෙක් ඔහු ලොකු කරගැනීමට අපට දරන්නට වූ වෙහෙස අප්‍රමාණය.

හැන්දක් ගෙන සමපෝශ , බත්, සව්,කව්පි ආදිය කවන්නට විය. නමුත් ප්‍රමාණයෙන් ඉක්මනින් විශාල වී සුරතල් නමුත් සැර පෙනුමක් සහිතව ඔහු අප ඉදිරියේ සිටියේය.

කොතරම් දඟවැඩ කරනවාද යත් ඌ ඉද ගැනීමට කැමති අප ඉදගන්නා පුටුවල පමණී.. මල්ලීට හෝ මට පුටුවක හදිසියේම හෝ හිඳගැනීමට සිදුවුවහොත් මේ පුළුන් බෝලය නොනවත්වා බුරන්නේ “ඇයි මම බිම ඉන්නෙ මටත් පුටුවක් දෙන්න” කියායි.

අම්මාට වතුර දැමීමට උදව් කරන්නට ගත් තරම් කෙසේද යත් අප හට දිනපතා අසන්නට වූයේ බැණුම් පමණි.

සෑම තැනකම වැටී නිදන්නට පුරුදු වූ ඔහුගේ තිබූ අපූරු පුරුද්ද වන්නෙ අපි ඌට කතා කරනවා නම් ඌ ඉන්නෙ කොතනද එතැනටම වී සිටීමයි. එම හැසිරීම් රටාව නිසා අපි හට හැමදාම ඌ සොයන්නට පැයක්වත් ගතවේ.

ඌ වැඩියෙන්ම ආදරේ කරන්නේ ගෙදර අයට නොව උගේ සෙල්ලම් බඩු වලටයි. මල්ලි උගේ සෙල්ලම් බඩුවක් ගතහොත් ඌ මහත් වූ දුකකින් හරි අපූරුවට බුරමින් එහා මෙහා පනිමින් සෙල්ලම් බඩුව ඉල්ලයි. එය දුන් විට ඌ එය රැගෙන දුවන්නෙ කෝච්චියක් යන තරම් වේගෙනි . ඒ නිසා මා ඔහුට පුංචි කෝච්චිය යැයි සැරින් සැරේ කියමින් සිනහවෙයි.

මාව උදෑසනම ඇහැරවන්නේ ද මගෙ පුළුන් බෝලයයි.. කෝපි බිංදු දෙකක් වැනි දිලිසෙන ඇස් සහිත ඔහු ඇතැම්විට “වඩාගන්න නැත්තම් මාත් ඔඩෙක්කෙ ඉදගන්නවා” යැයි සිතින් සිතා ඉක්මනින් එය සිදුකරයි.

ඉතින් මා ඔහු නැත්නම් ඌ කියන පුළුන් බෝලයට නම තැබුවේ Rex කියායි.

උගෙ සහ අප සමග සිටින අනික් බල්ලා( Timmy) අතරද තිබුණේ පුදුමාකාර බැඳීමකි. පුළුන් බෝලය උගේ කෑම එක ඇතැම්විට ටිමී හට පිරිනමයි. ඇතැම් අවස්ථාවලදී ටිමී සමග පැමිණ බුරයි. බත් දුන් විට “මට නෙවෙ මං ඉල්ලුවෙ ටිමී අයියට” යැයි පවසමින් මෙන් ටිමීට කන්නට කෑමද අපෙන් ඉල්ලා දේ.

පසුගිය අගෝස්තු 21 වැනිදා මට මගේ ආදරණීය සුරතල් බල්ලා අහිමි විය. එදින උදෑසන වෙනදාට හිදගෙන බලා සිටින තැන සිටි ඔහු අතුරුදහන් වීමට ගත වූයේ තත්පර කීපයකි.

මා නම කියා කොතරම් කෑගැසුවද, ඔහු දක්නට නොලැබිණි.

දින ගණනාවක් තිස්සේ මම හැම වීදියකම ඔහුව සෙව්වෙමි. පාරේ යන සෑම බල්ලෙකු දෙසම මම බලාපොරොත්තු සහගතව බැලුවෙමි. නමුත් කොහේවත් ඔහු සිටියේ නැත. මම සෑම ගෙදරකටම ගොස් ඔහුව පෙන්වමින් නිවැසියන් සතුව සිටින්නා වූ බලු පැටියාවුන් වද බලමින් සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරුවෙමි. ඔහු මා අතහැර බොහෝ ඈතට ගොස් අවසානය.

දැන් මම හැමදාම හවසට සාලයේ පුටුවට වී බලා සිටිමි. මට තවමත් ඇසෙන්නේ ගේට්ටුව අසලින් ඇසෙන ඔහුගේ බිරීමේ හඬ නොව, මගේම හදවතේ තනියම හැඬීමේ හඬ පමණි.

About the Competition

The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar is a prestigious platform that celebrates the art of storytelling and poetry. Writers from around the world are invited to share their creativity and passion through original works that inspire and engage audiences. This competition offers a unique opportunity for writers to showcase their talent and explore diverse themes and styles.

We extend our heartfelt thanks to R.M.W.Devindi Rathnayake for sharing the touching short story "කෝපි පාට ඇස්" with us. Your narrative contribution to the Global Poetry and Creative Writing Competition 2026 resonates deeply with readers. We appreciate your creative expression and the emotional depth you bring to this storytelling journey.

About Hashtag Kalakar

Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

 
 
 

Recent Posts

See All
Horizon - By Ruby-Rose

Written By: Ruby-Rose Category: Poetry Competition: Global Poetry and Creative Writing Competition 2026 We are delighted to feature "Horizon," a thought-provoking poem by Ruby-Rose, writing under the

 
 
 
Star Link - By Ruby-Rose

Written By: Ruby-Rose Category: Poetry Competition: Global Poetry and Creative Writing Competition 2026 Presenting "Star Link" by Ruby-Rose, showcased under the writing name Star Link. This evocative

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page