top of page

මනමේ - By G.A. Poorni Maheshika

Sep 14
3 min read

Written By: G.A. Poorni Maheshika

Category: Poetry

Competition: Global Poetry and Creative Writing Competition 2026

G.A. Poorni Maheshika, writing under the name "මනමේ," shares a poignant and evocative poetry piece titled "මනමේ" as part of the Global Poetry and Creative Writing Competition 2026. Her submission, rooted in the rich tradition of Sinhala literature, brings forth a narrative imbued with deep emotion and cultural resonance. Through her poetic expression, Maheshika invites readers to explore themes of love, tradition, and introspection.

About the Work

"මනමේ" is a beautifully crafted poem that weaves together imagery of love, nature, and personal reflection. Through vivid language and cultural motifs, G.A. Poorni Maheshika delivers a tapestry of emotions that range from longing to fulfillment. The poem's structure and rhythm reflect a deep connection to traditional Sinhala poetic forms, offering a glimpse into the heart of the poet and the world she inhabits.

මනමේ

Original Submission by G.A. Poorni Maheshika

මනමේ

උහුලන් ඉන්න බැරි තැන වැඩිපුර ඇඬුව

නැතුවම නෙවෙයි බහ හිත රිද්දුව අඩුව

තිබුණත් කතන්දර පොත්වල ගැන නඩුව

සත්තයි දුන්නෙ නෑ තාත්තෙ මං කඩුව

සුපිපුණු පුංචි මල් අත උඩ නිදි කරලා

සුදු සිසි සේල දුන්නා පොදියට ඔතලා

ලස්සන තැන් නැතත් ආදර බස් ගොතලා

නැතුවද නේද සැර ඉරකට හඳ බැඳිලා

බොහොමයි ආල හිත එව් හැමු හීත නලේ

හිරිකඩ තුෂර නැතුවත් පිපි මලක දලේ

යනකොට පටලවන් දෑඟිලි ළැවක සලේ

ප්‍රේමය නුඹ කියන නෑ හද සුවඳ කළේ

මුතු රන් බරණ පරදා සහසැස් වරුණ

සිහ අත් විදා පතුරන තේජස පිරුණ

හය හත් වරක් දුටුවද පෙරදිග අරුණ

ඔහු ඉපදුවා පමණයි මල් පෙති මැරුණ

හවසක රතු පාට ඉහිරී නුඹ දිලුණා

දවසම එදා තැන තැන සුදු මල් පිපුණා

ඇහැරුණු පෙතිවලට අහසින් පිනි ඉහුණා

මෙච්චර ලස්සනයි දෙව් පුර සුව දැනුණා

දුටු තැන ඝන නිලට සියොළඟ කිලිපොවන

දෑතින් සැනින් මහ මේරුව බිඳ දමන

ඇහුණට එක තැනක දෙතැනක ගුණ වයන

දැක්කෙම එදයි මිනිසෙක් වුණ දෙව් රුවන

රැකගන්නමයි හිතලා රජ කඩුව අරන්

කොපුවත් එකඳු තැබුවා තුරුලටම කරන්

නොම දෙමි ඈව දිනුවත් අපි අපිව මරන්

කිව්වා මම උන්නෙ තනිවම මාව දරන්

උඳුරන් අයිතියක් යැද කග හා මහද

හිතුවෙම නැතිව පිපුණා පරවුණු සුවඳ

ඩිංගක් මුදු වුණා විතරයි යට ළමැද

ඇත්තම තමයි එතනත් මටමයි වරද

කොපුවට බර වුණා පපුවම හිරි වැටුණා

බඹරට වඩා අපි මහ වැස්සට බැඳුණා

සුදු දල මලේ රතු රුහිරෙන් පද ගෙතුණා

ඇත්තයි තාත්තේ මම ආයෙත් මැරුණා

වෙනකොට දෙකඩ හදවත කග විනිවිදින

කොපුලට පිනි ඇවිත් මටමයි ඉඟි මරන

දුන්නා නෙවෙයි ගත්තා පපුවෙම පිරුණ

ප්‍රේමය විතරක්ද කඩුවත් ළඟ තියන

පුරවා හිදැස් ප්‍රේමය හිඟ කුමර හිත

වළ ළඟ ඇඬුව මනමේ ගැන පුරාවත

කවිවල රජ කරන කුළුඳුල් පැතුම් මත

ඒ මම නෙවෙයි කග තිව් වැදි රදගෙ අත

පූර්ණි මහේෂිකා

About the Competition

The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar celebrates diverse voices from around the world, providing a platform for poets and writers to showcase their unique talents. This prestigious competition encourages participants to express their creativity and share their stories with an international audience, fostering a global community of literary enthusiasts.

We extend our heartfelt appreciation to G.A. Poorni Maheshika for sharing her profound work, "මනමේ," in the Global Poetry and Creative Writing Competition 2026. Her contribution enriches the tapestry of global literature and adds depth to our understanding of cultural narratives. Thank you for your inspiring participation.

About Hashtag Kalakar

Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page