මැණික නුඹ ඇහැරන්න (Manika Numba Aharanna) - By Apsara Kumarasinghe
- Hashtag Kalakar
- 2 hours ago
- 2 min read
Written By: Apsara Kumarasinghe
Category: Poetry
Competition: Global Poetry and Creative Writing Competition 2026
Apsara Kumarasinghe presents the poignant poem "මැණික නුඹ ඇහැරන්න (Manika Numba Aharanna)" in the category of Poetry. As a part of the Global Poetry and Creative Writing Competition 2026, Apsara's work invites readers into a world of emotional depth and cultural richness, expressed through the rhythmic beauty of Sinhala verse. This evocative piece captures the universal human experiences of longing and introspection.
About the Work
"මැණික නුඹ ඇහැරන්න" explores themes of awakening and emotional expression through vivid imagery and heartfelt language. The poem's style is both lyrical and evocative, drawing on the potency of visual and emotional metaphor to convey a deeply personal narrative. The rhythmic flow and cultural nuances enrich the reader's experience, making it a compelling piece of literary artistry.
මැණික නුඹ ඇහැරන්න (Manika Numba Aharanna)
Original Submission by Apsara Kumarasinghe
හීනි ඇස් උස්සන්න
කුමුදු මල් පුබුදන්න
මගෙ කඳුළු නවතන්න
මැණික නුඹ ඇහැරන්න
ලේ කිරට හරවන්න
රෑ නින්ද උදුරන්න
හද ගින්න නිමවන්න
මැණික නුඹ ඇහැරන්න
සුර හාදු තවරන්න
මුදු දෙතොල් සොලවන්න
දෙතන කිරි උතුරන්න
මැණික නුඹ ඇහැරන්න
නිල් දෙනෙත් කරකන්න
මුදු සිනා පුරවන්න
ඉකි ගසා හඬලන්න
මැණික නුඹ ඇහැරන්න
පුංචි පා නටවන්න
සිඟිති අත් ලියවන්න
ඉක්මනින් ලොකු වෙන්න
මැණික නුඹ ඇහැරන්න
දුටු සිහින සරිලන්න
කම්කටොළු දුරලන්න
මා මවක් කරලන්න
මැණික නුඹ ඇහැරන්න
දස මසක දුක් ගින්න
තව දිනයි නිමවන්න
එහෙත් නුඹ අවසඟව
මැණික අනෙ ඇහැරන්න
About the Competition
The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar is a prestigious platform celebrating diverse voices and literary talents from around the world. It provides writers an opportunity to showcase their creativity and engage with a global audience, fostering a vibrant literary community and inspiring new generations of writers.
We extend our heartfelt thanks to Apsara Kumarasinghe for sharing "මැණික නුඹ ඇහැරන්න (Manika Numba Aharanna)" with us. Your contribution to the Global Poetry and Creative Writing Competition 2026 enriches the tapestry of poetic expression and inspires readers worldwide.
About Hashtag Kalakar
Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.




Comments