top of page

ජී.බී.සේනානායක මහතා සහ ඔහුගේ කෙටිකතා කලාව - By R.M.W.Devindi Rathnayake

1 day ago
4 min read

Written By: R.M.W.Devindi Rathnayake

Category: Essay

Competition: Global Poetry and Creative Writing Competition 2026

We are delighted to introduce R.M.W.Devindi Rathnayake's essay, "ජී.බී.සේනානායක මහතා සහ ඔහුගේ කෙටිකතා කලාව," as part of the Global Poetry and Creative Writing Competition 2026. This insightful piece, categorized under Essay, delves into the profound impact of J.B. Senanayake on Sinhala short story literature. Rathnayake's essay explores Senanayake's unique storytelling techniques and his contributions to the genre, offering readers a deep understanding of his artistic legacy.

About the Work

R.M.W.Devindi Rathnayake's essay examines the thematic richness and stylistic nuances of J.B. Senanayake's short stories. The piece highlights Senanayake's focus on human experiences and societal reflections, emphasizing his innovative narrative style. Through vivid imagery and a keen understanding of human emotions, Rathnayake presents a compelling analysis of Senanayake's work, revealing the complexity and depth of his literary contributions.

ජී.බී.සේනානායක මහතා සහ ඔහුගේ කෙටිකතා කලාව

Original Submission by R.M.W.Devindi Rathnayake

ජී. බී.සේනානායක මහතා සහ කෙටිකතාව

ලෝකයේ සෑම භාෂාවකටම පාහේ පොදු වූ ජනප්‍රිය සාහිත්‍ය අංගයක් ලෙස වර්තමාන කෙටි කතාව දැක්විය හැක. කතා කලාවේ කතාවේ ක්‍රමික විකාසනයේ ප්‍රතිඵලයක් ලෙස කෙටි කතාව ගොඩනැගුනි.

කෙටි කතාවේ සුවිශේෂී බව පැහැදිලිව කරනු ලැබුවේ 1824 දී පමණ නැතෑලියන් හෝර්තෝන්ගේ “දෙවරක් කියූ කතා” නම් කෘතියට ප්‍රස්තාවනාවක් සැපයූ එඩ්ගා ඇලන් පෝ විසිනි.

කෙටි කථාව යනු කුමක්ද? එහි විශේෂත්වය කවරේද යනු මේ නිබන්ධනයෙන් ඔහු විසින් මෙය විවරණය කර දක්වා ඇත්තේ ඉතා අපූර්වයටය.

ඇන්තන් චෙකෝෆ් නමැති රුසියානු කෙටි කතාකරුවා කෙටි කථාව දුටුවේ ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කෙරෙන කලා මාධ්‍යයක් ලෙසටයි. “කෙටිකතාව වූ කලී එක් මූලික උද්වේග කර අවස්ථාවක් හෝ නිරූපණය කෙරෙන සාහිත්‍යාංගයකි” , යන්න සාමාන්‍ය පිළිගැනීමයි.

එසේ වූවද ඒ මූලික චරිතයට හෝ චරිතාංගයට, ඒ මූලික සිද්ධියට හෝ මූලික උද්වේගකර අවස්ථාවන්ට සම්බන්ධ අනෙක් චරිත, සිද්ධි හා අවස්ථා කෙටි කතාවට ඇතුළත් වීමට බාධාවක් නැත.

ප්‍රතිභා සම්පන්න ඒ වී සුරවීර මහතා කෙටි කථාව පිළිබඳ දැක්වූ නිර්වචනය එයයි.

කෙටි කතා කලාවටද මුල්ම අඩිතාලම ලැබූ කෘතිය වනුයේ මාර්ටින් වික්‍රමසිංහ ශූරියෙන් රචිත “වහල්ලු” කෘතිය වේ.

සිංහල කෙටිකතාව කලාත්මක සාහිත්‍යාංගයක් බවට පත්කිරීමට ජී.බී. සේනානායක මහතා ගත් වෙහෙස පුරෝගාමීත්වයක් කළ බව අවිවාදිතය.

එය හැම අතකින්ම පෝෂණය කළේ ගුණදාස අමරසේකර යන්නය.

1945 වර්ෂයේදී කෙටිකතා සාහිත්‍යයේ සංධිස්ථානයක් ලෙස සලකන්නේ ජී.බී.සේනානායක මහතා රචනා කළ “දුප්පතුන් නැති ලෝකය” යන කෘතියයි. මෙහි ඇතුළත් “වෙසක් පහන” ප්‍රථමසිංහල කලාත්මක කෙටි කතාවයි

මෙතුමා මෙන්ම සමකාලීන සෙසු කෙටිකතාකරුවන් වැඩි වශයෙන් උත්සාහ ගත්තේ විඥ්ඥානවාදී දෘෂ්ටියෙහි එල්බ ගෙනය. මධ්‍යම පාන්තික සමාජය යථාර්ථය ගවේශණය කර ගෘහස්ථ ජීවිතය ගැඹුරින් විශ්ලේෂණය කොට එන නිරූපණය කිරීමට ජී.බී.සේනානායක මහතා සැලකිලිමත් විය

ජී.බී සේනානායක මහතා “දුප්පතුන් නැති ලෝකය” යන කෘතිය හැරුණු විට පළිගැනීම ,මිතුරිය ,ගමන ,නැටුම ,ලේඛකයා යන කතා සංග්‍රහ පසුව රචනා කරන ලදී .මේ කතා අතරින් සේනානායකයන්ගේ නිර්මාණ ශක්‍යතාවය , ස්වතන්ත්‍ර පරිකල්පනය, ජීවිතාවබෝධය මැනවින් ප්‍රකට වන්නේ මුල් කතා සංග්‍රහයෙන් වීම විශේෂ කරුණකි.

සේනානායකයන්ගේ කෙටිකතාවලට පොදු ජන ජීවිතය පිළිබිඹු කරන අත්දැකීම් පාදක කරගෙන ලිවීමට සැලකිලිමත් වී නැත.

ඔහුට වඩාත් හුරු පුරුදු නාගරික මධ්‍යම පාන්තික ජීවිතයේ පිළිබිඹු කරන අත්දැකීම් සෑම කෙටිකතාවකටම පාහේ වස්තු විෂය විය

එම ජීවිතයෙහි වුවද පවතින පොදු සාමාජික ජීවිත ප්‍රශ්න හා ගැටලුවලට වඩා මිනිස් ගැටුමෙන් හට ගන්නා බැරෑරුම් පුද්ගලික අවස්ථා නිරූපණයට ඔහු උනන්දු විය.

ඔහු තමා හටම නව මංපෙතක් විවර කර කෙටිකතා කරලියට ගෙන ඒමට සමත් විය . මිනිසාට තවත් පාරිසරික අත්දැකීම් සමාජ අත්දැකීම් ගොන්නක් දීමට ඔහු සමර්ථ විය.

විවිධ ජීවන ගැටලුවලට හා චිත්ත පීඩනයට මැදිහත් වූ ළමා ජීවිතවල ස්වභාවය හා ළමා සිත ක්‍රියා කරන ආකාරය විවරණය කරන අත්දැකීම් පාදක කර ගැනීම එතුමාගේ වස්තු විශේෂයෙහි ඉස්මතු වී පෙනේ

කෙටි කතා කරුවන් අතරින් ජී.බී. සේනානායක මහතා වඩාත් කැපී පෙනේ.

එයට හේතූන් නම් කතා ප්‍රයෝග හා ශිල්පීය ලක්‍ෂණ කතා වස්තුවෙහි සංකීර්ණත්වය තියුණු වන අයුරින් නිරූපණයෙහි පෑ කුසලතා හේතු කොට ගෙනය

“දුප්පතුන් නැති ලෝකය”, “පළිගැනීම”, ජනකතා සංග්‍රහ දෙක රචනා කිරීමේදී ඔහු වැඩි වශයෙන් නැතිව මා තිබුණේ කතා ආකෘතිය හා සංදර්භයටයි. “පළිගැනීම” කතා සංග්‍රහයේදී සේනානායක මහතා උත්සාහගෙන ඇත්තේ යථෝක්ත කතා සම්ප්‍රදායෙන් සිංහල පාඨකයාට හඳුනාගැනීමට පහසුවන පරිදි කතා මෝස්තර රචනයට යැයි හැඟේ.

ඔහුගේ අපේක්ෂිත අරමුණු මුදුන්පත් කර ගැනීමට උපකාරී වන අයුරින් විශේෂණ පදවලින් අලංකාර වූ මට සිලිටි කෙටි වැකිවලින් හෙබි වර්ණනා ශෛලියකින් යුක්ත බස් වහරක් මෙහිදී සකස් කර ගත් බැව් පෙනේ

ජී.බී.සේනානායකයන්ගේ කෘතිවල එඞ්ගාර් ඇලන් පෝ ගේ නිර්මාණ වලින් වැඩිපුර ආභාෂය ලබා ත්‍රාසය , භීතිය වැනි අද්භූත සිද්ධීන් පදනම් කරගෙන කෙටිකතා රචනා කළේය.

එයට හොඳම නිදසුනක් ලෙස ජී.බී.සේනානායක මහතා විසින් රචිත “සැඩ මුහුදේ වික්‍රමය” යන කෘතිය දැක්විය හැක . තවද ඔහු මෙම කෙටිකතා රචනා කර ඇත්තේ උත්තම පුරුෂයෙනි. “වෙසක් පහන” කෙටි කතාව තුළින් එය ගම්‍ය වේ .

සිංහල කෙටි කතා සාහිත්‍යයට මහඟු පෙරළියක් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ “සාහිත්‍ය සූරී”උපාධියෙන් පිදුම් ලද ජී.බී.සේනානායකයන් 1985 මාර්තු 16 වෙනි දින සමුගත්හ.

About the Competition

The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar celebrates diverse voices and creative expressions from around the world. This esteemed competition provides a platform for writers to showcase their talents across various categories, including poetry, short stories, essays, and creative writing. It is an opportunity for participants to share their unique perspectives and engage with a global audience.

We extend our heartfelt appreciation to R.M.W.Devindi Rathnayake for her enlightening essay, "ජී.බී.සේනානායක මහතා සහ ඔහුගේ කෙටිකතා කලාව," submitted to the Global Poetry and Creative Writing Competition 2026. Her thoughtful exploration of J.B. Senanayake's literary artistry provides valuable insights into the Sinhala short story tradition. Thank you for sharing your work with us.

About Hashtag Kalakar

Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page