top of page

ඔය පපුව ලස්සනයි ළඟදි වෙන තැනක තව - By G.A.Poorni Maheshika

1 day ago
2 min read

Written By: G.A.Poorni Maheshika

Category: Poetry

Competition: Global Poetry and Creative Writing Competition 2026

G.A.Poorni Maheshika graces the Global Poetry and Creative Writing Competition 2026 with her evocative poem, "ඔය පපුව ලස්සනයි ළඟදි වෙන තැනක තව." Rooted in the Poetry category, this piece intricately weaves together nature's beauty and the depths of human emotion. Through her distinct voice, Maheshika invites readers to explore themes of love, longing, and the aesthetic allure of the human heart, set against the backdrop of a transitioning world.

About the Work

Maheshika's poem captivates with its rich imagery and emotional depth, painting a vivid picture of nature's influence on the human experience. The work is a delicate blend of metaphor and reality, where the elements of nature parallel the intricacies of love and desire. Through her lyrical expression, Maheshika explores the interplay between beauty and transience, evoking a sense of longing and introspection.

ඔය පපුව ලස්සනයි ළඟදි වෙන තැනක තව

Original Submission by G.A.Poorni Maheshika

ඔය පපුව ලස්සනයි ළඟදි වෙන තැනක තව

සුදු පාට රන් තෝඩු දුලන එළි බල්බ් වට

අඟ ඉඳන් නෙතේ කොපුලතේ දෙපසින්ම බට

ඇඳි ඇඳී සවන්වල ඉසිඹු හැර විටින් විට

මියදිලා යති උන්ට යහන තහනම්ම කොට

නුඹ ඈත නිල ගෙනෙන වළාකුළු සහස් රළ

වසන්තය අහවරයි ඇරඹුණේ සිසිර කල

දැන් ඉතින් සුදුයි හැම තැනම නෑ පාට දල

රතු පිච්ච මල් පිපුණෙ කළුවරම හවස්වල

දින එකින් එක ඇවිත් යද්දි එන සුසුම් මත

මට කියන නුඹට හංඟන්න කප්පරක් ඇත

සීරිලා පපුව සුදු සයන කරවද්දි රත

අත අරන් ඉඹිනවද සිඹිනු බැරි නිසා හිත

කඳුළු නැති ප්‍රේම ඇති ලස්සනම හීන කොන

පුංචි මල් පිපෙන්නම සුවඳ ඉහිරෙනා තැන

ඉදින් ඔය හිතින් මා මරා ඇස්වලින් ගෙන

දකින්නයි ඕන මට නුඹේ හසරැල්ල ගැන

උණුහුමට ගුලිවෙන්න හීතලට දෙන්න සුව

ඕනෙමයි සුපුල් එක හිතක් වැඩිවෙන්න රුව

පර වෙලා යන්න විතරක්ම පිපි මලක නොව

ඔය පපුව ලස්සනයි ළඟදි වෙන තැනක තව

පූර්ණි මහේෂිකා

About the Competition

The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar celebrates literary creativity and expression from around the world. This prestigious event provides a platform for writers and poets to share their unique voices and stories with a global audience, fostering a vibrant community of creative minds.

We extend our heartfelt gratitude to G.A.Poorni Maheshika for her participation in the Global Poetry and Creative Writing Competition 2026. Her poem, "ඔය පපුව ලස්සනයි ළඟදි වෙන තැනක තව," offers a poignant exploration of beauty and emotion. We are honored to feature such compelling work and look forward to seeing more from her in the future.

About Hashtag Kalakar

Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page