top of page

ඇස් - By G.A.Poorni Maheshika

Sep 14
2 min read

Written By: G.A.Poorni Maheshika

Category: Poetry

Competition: Global Poetry and Creative Writing Competition 2026

We are pleased to feature the evocative poem "ඇස්" by G.A.Poorni Maheshika in the Poetry category of the Global Poetry and Creative Writing Competition 2026. Maheshika's contribution paints a vivid emotional landscape through her skillful use of language and imagery. This competition celebrates diverse voices and creative expression from around the world, and Maheshika's poem stands as a testament to the power of poetic storytelling.

About the Work

"ඇස්" is a poetic exploration of emotions and the intricate dance of imagery and words. With a rich tapestry of metaphors and a seamless flow of verses, Maheshika captures the reader's imagination and invites them into a world of introspection and beauty. The poem's mood is both contemplative and serene, offering a glimpse into the profound depths of human experience and emotion.

ඇස්

Original Submission by G.A.Poorni Maheshika

ඇස්

නීල භරණය සහස් අතකට අනඟ කැටයම් භාව මවනා

ධීර පියුමාකරය එව් ආමෝදයක් නැති වුණත් දැනුණා

කාල කුහරය භුවන මැද ඒ යනෙන අතකට ඔහේ ඇඳුණා

පාර දැන යන බඹරු මඟ පැටලිලා ඔය රහමෙරේ ගිලුණා

තැනින් තැන ඇත පිපුණු පොද පොද කසුන් තරු ඉති අඳුරු ගඟනේ

හිතින් අතහැර ගන්න බැරි වුණු හීනයකි සුව අඳුන් සයනේ

හමන සුශිරය පවා නවතන පිහාටුව සුසිනිඳුද ලදුනේ

ඉතින් ආයෙත් ඉඳුනිලට හිනහෙන්න දෙනවද ඇගේ භවනේ

වැහෙන සඳ දොර පියන් පත් රජ පුරේ රන්වන් සේල ගැලිය

හමන හිරිකඩ සුළඟ ළඟ දෙව්දුවෝ භාවය රැඟුම් සැලිය

පෙනෙන නොපෙනෙන ඈත කෙළවර ලස්සනම නිල් දදක් දිලිය

දකින වුන් නොදැනීම සියොළඟ සිරස හිඳ දිය ඇලිය ගැලිය

ගිලි ගිලී මියැදෙන්න ඉඩ නැති ශ්වේත හස රදදහන මැද්දෙන්

දිලි දිලී රන් සඳක් මහ රෑ ඉනාවක් දස අතට විද්දෙන්

අහක බල බල නිවා ගන්නට බැරිම මොහොතක් පපුව ලද්දෙන්

නුඹේ ඔය මිණි දෙවොල ගැන ඇහෙනවද ඇස් කිව් සදැස් සද්දෙන්

පූර්ණි මහේෂිකා

About the Competition

The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar is a prestigious platform for writers and poets worldwide. It seeks to provide a global stage for creative expression across various genres, encouraging participants to explore and share their unique voices. This competition fosters a rich and diverse literary community, celebrating the artistry and passion of writers from all walks of life.

We extend our heartfelt thanks to G.A.Poorni Maheshika for sharing her poem "ඇස්" with us. Her participation in the Global Poetry and Creative Writing Competition 2026 enriches the literary tapestry of this event. We are grateful for her contribution and look forward to witnessing more of her creative journey.

About Hashtag Kalakar

Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page