top of page

අපි එකම ගින්නක ඉපදුණේ - By G.A.Poorni Maheshika

1 day ago
2 min read

Written By: G.A.Poorni Maheshika

Category: Poetry

Competition: Global Poetry and Creative Writing Competition 2026

G.A.Poorni Maheshika presents a captivating poetic entry titled "අපි එකම ගින්නක ඉපදුණේ" for the Global Poetry and Creative Writing Competition 2026. This piece is a profound exploration of shared human experiences, woven through evocative imagery and emotional depth. As part of the esteemed competition, Maheshika’s work stands out in the poetry category, inviting readers to delve into a world of intensity and reflection.

About the Work

G.A.Poorni Maheshika's poem "අපි එකම ගින්නක ඉපදුණේ" is a vivid tapestry of emotions and imagery. The poem reflects on themes of unity, struggle, and the innate fire within us all. With powerful metaphors and a rhythmic flow, the piece captures the essence of endurance and love amidst adversity, creating an evocative and immersive experience for the reader.

අපි එකම ගින්නක ඉපදුණේ

Original Submission by G.A.Poorni Maheshika

අපි එකම ගින්නක ඉපදුණේ

අඳුරු වැහි කළු එද්දි වැඩියෙන් අඩපු ඇස්වල රෝස මල්වල

හුස්ම ටික කළුවරේ යනකොට සාප දෙන ඇත් පන්ති හිත්වල

හීත මැදියම රණ්ඩු කර කර මදුරු මව්වරු කියන නඩුවල

කඳුළු නාවෙම කොහොම ඇහුවලු අහක නොබලපු එහෙම තැන්වල

සුවඳ පිච්චුණ බිත්ති හතරට යාවෙලා ජීවිතේ ඇතුවා

හීන මල් පෙති යන්ට ඉඩ දී උන්ට ඉර එන කවුළු නැතුවා

තවත් මොහොතක් යදින වෙව්ලපු අත් වලින් ආදරේ ගැලුවා

එකෙක් අපි අත ඇරලා යනකොට නිවෙන්නට හිත හේතු හැදුවා

මැරුණු මල්වල පාට අරගෙන සිර කුටිය බිත්තියේ ගුවනේ

ඇඳී තිබුණලු උන්ගෙ පපුවෙන් ගලන කඳුළක් දැකපු සිහිනේ

හදවතම අත් දෙකට අරගෙන තියා කෙනෙකුගෙ පපුව අයිනේ

වැහැරිලා ඉරි තලපු හුස්මෙත් ආදරේ විතරමයි පෙනුණේ

සිදාදිය මඟ වරද්දපු මල් දැන දැනත් තටු සිදපු වන මල්

උහුලගන්නම බැරිම දවසට උන්ව රිද්දා රිද්ද ගත් ගල්

අහස මෙච්චර නපුරු කොහොමද හොයා පැටලුණු පැටව් වල දැල්

දැකල තියෙනව ලැව් ගින්න ළඟ අඬන වැලපෙන වරා තුරුවැල්

සමයි අපි හිත් පුරා උතුරන පිය සෙනේ ඇට නහර සින්දා

උඹල හයියෙන් අඬද්දිත් මම නෑඩුවේ ඒ හුස්ම හන්දා

පැටව් ඔක්කොම එකයි උන් අපෙ පපුව ඇතුළෙන් අනින හින්දා

උහුලපන් අපි එකම ගින්නක ඉපදුණේ දරු ගින්න රන්දා

පූර්ණි මහේෂිකා

About the Competition

The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar is a prestigious event celebrating literary talents worldwide. It provides a platform for poets and writers to share their unique voices and stories. Participants from various countries contribute their best works, adding to the richness and diversity of contemporary literature.

We extend our heartfelt thanks to G.A.Poorni Maheshika for her powerful submission, "අපි එකම ගින්නක ඉපදුණේ," to the Global Poetry and Creative Writing Competition 2026. Her work enriches the literary community, and we are grateful for her contribution. We look forward to seeing more of her inspiring creations in the future.

About Hashtag Kalakar

Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page