top of page

අනේ සිංහබා මා යළි මරපන් - By G.A.Poorni Maheshika

1 day ago
2 min read

Written By: G.A.Poorni Maheshika

Category: Poetry

Competition: Global Poetry and Creative Writing Competition 2026

G.A.Poorni Maheshika presents "අනේ සිංහබා මා යළි මරපන්," a compelling poem featured in the Poetry category for Hashtag Kalakar's Global Poetry and Creative Writing Competition 2026. This work delves into themes of longing and introspection, capturing the essence of emotional depth and personal reflection.

About the Work

G.A.Poorni Maheshika's poem stands out with its vivid imagery and emotional depth, inviting readers into a world of introspection and heartfelt exploration. The narrative intertwines themes of longing and resilience, employing a rich, lyrical style that resonates with the reader's senses and emotions.

අනේ සිංහබා මා යළි මරපන්

Original Submission by G.A.Poorni Maheshika

අනේ සිංහබා මා යළි මරපන්

බිඳිව් ඇහැකි නම් මා පෙරලාගෙන ඉර බැහැ ගන්නට කල්ප ගණන් ඇත

සිඳිව් අවැසි විට ඒ දුන් සෙනෙහස නුඹට තවත් කරදර කළුවර නැත

යමව් එකළු කර මහ ඝන වීරිය යන්න කලින් අරගෙන ඔද සිහ හිත

මරව් උහුලගෙන මැරෙන්න බෑ මට නැති බව දැන දැන දියණිය උර මත

සියුමැලි වැලි ඉවුරක් ළඟ හවහට ඉර බැහැගෙන යන ලස්සන දවසක

හිතා වුන්නෙ මම හොරෙහින් යන්නට චූටි දෝණි විතරක් ගෙන හවසක

පල නෙලනා සඳ සුපිපුණු ඉත්තක පිපුණු සුවඳ වන කුසුමන් දෝතක

තවම තියෙනවා මගෙ කඳුළක් මැද මිය ඇඳිලා නැති සුවඳ එ අත්තක

රෑ කළුවර ලෙන් දොර ඇර එනකොට තුරුලක එළියක් මදි වෙයි හිතලා

අරන් ආවෙ මම තරු කැට ඉති ඉති තැනින් තැනට පුරවන්නට තියලා

සඳ නැති ලෙනකට මල් සුවඳක් නැත කළුවර ආදෙන් මා යට කරලා

අනේ සිංහබා මා යළි මරපන් මැරුණා ඊයෙත් දෝණිව හොයලා

සිදාදියට රෑ හීතල එනවලු මුහුදුකරේ තද හුළං නිදැල්ලේ

තුරුලට අරගෙන ටිකක් සනසපන් ඈ නිදි යන සිරි යහන් සඳැල්ලේ

දවසක ලෙන් කළු ශිඛර සිහි වුණොත් සිහ රජු නිදියන පොළෝ විදල්ලේ

පියඹා එන්නට ඈට ඉඩ දියන් මම ඇගෙ පළවෙනි පෙමයි කැදැල්ලේ

පූර්ණි මහේෂිකා

About the Competition

The Global Poetry and Creative Writing Competition 2026 by Hashtag Kalakar is a prestigious platform showcasing diverse literary talent across the globe. Participants submit their works in various categories, celebrating creativity and expression in the written word.

Thank you, G.A.Poorni Maheshika, for sharing your poignant poem "අනේ සිංහබා මා යළි මරපන්" with us. Your contribution to the Global Poetry and Creative Writing Competition 2026 is greatly appreciated, and we look forward to witnessing more of your creative journey.

About Hashtag Kalakar

Hashtag Kalakar is a creative platform dedicated to providing artists, writers, singers and other creative talents with opportunities to showcase their work and reach wider audiences through competitions, features and creative initiatives.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page